රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
අරගලය සමයේ ගිනි තබන ලද, රජයේ ඉඩමක ඉදිකර තිබුණු නිවසකට අදාළව, වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.