දෛනික ධාවනයෙන් ඉවත් කරන ලද 2014 වසරේදී ලංකාවට ආනයනය කරන ලද බස් රථ 9 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කර තිබෙනවා.
ඒ අනුව මේ සඳහා තාක්ෂණික දායකත්වය ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මිකයින් ලබාදී ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.
5000km කෙටි දුර ධාවනයෙන් පසු, අධිවේගී මාර්ග සහ දුර ගමන් සදහා මෙම බස් රථ යෙදවීමට නියමිත බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.