ගුරුවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳී සිටිමින්, රාත්රිය ගත කරමින් විරෝධතාවක නිරතව සිටිනවා.
තමන් සේවය කරන පාසලටම තමන්ගේ දරුවන් ඇතුළත් කරගැනීමට අවසර දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
පාගමනකින් මෙම ස්ථානයට ඔවුන් පැමිණ ඇති අතර ගුරු දරුවෝ එකමුතුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.