ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයකට සම්බන්ධ පිරිසක් අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
පොලිසියට ලැබුණු තොරතුරක් මත, සැකකරුවන් 10 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම, පරකන්දෙණිය, දළුවකොටුව සහ කටාන යන ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී සැකකරුවන් සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනි අවියක්, පිස්තෝල අවියක්, T-56 මැගසින් 09 ක් සමඟ පතොරම් 183 ක්, මිලිමීටර 09 වර්ගයේ පතොරම් 280 ක්, කඩුවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සොයාගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.