පෑලියගොඩ, ඥානරතන මාවත ප්රදේශයේදී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණු අතර, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙකුට සහ මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුට එම වෙඩි තැබීමෙන් තුවාල සිදුවී තිබුණා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, එයින් එක් අයෙකු මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.