හිඟුරක්ගොඩදී ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් බස් රථයක ගැටී තිදෙනෙකුට තුවාල

හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේදී ගුවන් හමුදා ජීප් රථයක් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

එම අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බස් රථයේ ගමන් කළ කිසිවකුටත් අනතුරක් සිදු වී නොමැති අතර, හිඟුරක්ගොඩ පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.