පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ, ඥානරතන මාවතේ දී අද (19) උදෑසන වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ.

එම වෙඩි තැබීමෙන්, පෑලියගොඩ මාළු වෙළෙඳාම සිදුකරන පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.