තැපැල් වැඩ වර්ජනය අදත් පැවැත්වේ

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව, සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් පසුගිය 18 වැනිදා පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළ අතර, මේ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබෙනවා.

ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවත්, ඒ සඳහා වැඩ වර්ජනය අතහැර සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසත් තැපැල්පති රුවන් සත්කුමාර ඊයේ වැඩ වර්ජනයට එක්ව සිටින සේවකයන්ගෙන් ඉල්ලා සිටියා.