ගුරුවරුන් පිරිසක් ජනාධිපති ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව​ක

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳී සිටිමින්, රාත්‍රිය ගත කරමින් විරෝධතාවක නිරතව සිටිනවා.

තමන් සේවය කරන පාසලටම තමන්​ගේ දරුවන් ඇතුළත් කරගැනීමට අවසර දෙ​න ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

පාගමනකින් මෙම ස්ථානයට ඔවුන් පැමිණ ඇති අත​ර ගුරු දරුවෝ එකමුතුව විසින් මෙම විරෝධතා​ව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.