ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සපයා ගැනීමට මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහනක්

ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් ලබා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණය යටතේ සිට සමාජගත වී විවාහ අපේක්ෂාවෙන් පසුවන තරුණ තරුණියන් සඳහා ස්ථාවර හා ආරක්ෂිත නිවසක් තනා ගැනීමට හැකි වන පරිදි රුපියල් මිලියනයක මූල්‍යාධාරයක් ලබාදීම සඳහා, 2025 අයවැය යෝජනාවක් අනුව රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් පසුගිය වසර 10ක කාලසීමාව තුළ (2015.06.30 දිනෙන් පසුව) ආයතනික රැකවරණයෙන් ඉවත් වී, විවාහ වී සිටින හෝ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින, එහෙත් ස්ථාවර සහ ආරක්ෂිත නිවසක් නොමැති තරුණියන් සහ තරුණයන් ද, සහ ස්ථිර පවුල් පසුබිමක් හෝ ජීවනෝපායක් නොමැතිවීම හේතුවෙන් තවදුරටත් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින වයස අවුරුදු 18 ඉක්ම වූ තරුණ පිරිස් (විශේෂයෙන් කාන්තාවන්) ද වෙත මූල්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපතිවරයා සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images