බදුල්ල, කයිලගොඩ ප්රදේශයේ කුඹුරක තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් අද (18) සොයාගෙන තිබෙනවා.
සොයා ගන්නා විට එම සිරුර නිරුවත්ව තිබූ බවයි බදුල්ල පොලීසිය පැවසුවේ.
කුඹුර හිමිකරු විසින් අදාළ මළ සිරුර දැක තිබෙන අතර ඒ අනූවයි පොලිසියට දන්වා ඇත්තේ.
බදුල්ල පොලීසියේ නිලධාරීන් සිද්ධිය පිළිබඳව විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.
කුඹුර හිමිකරු දින කිහිපයකට පසුව එහි පැමිණ ඇති බවත් එහිදී මෙම මළ සිරුර දැක තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මරණකරු අවුරුදු 65ක පමණ පුද්ගලයෙක් බවයි පොලීසිය සැක කරන්නේ.