සියලුම තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වර්ජනයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය මෙන්ම ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඇතුළු වෘත්තීය සමිති 28 ක් එම වර්ජනය සඳහා එක්ව සිටින බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (17) සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අතිකාල ගෙවීම සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට විරෝධය පළ කිරීම සහ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස්වලට විරෝධය දැක්වීම ඇතුළු කරුණු 19ක් සම්බන්ධයෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.