බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යබහුල වේලාවන් හිදී, ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීමට පියවර කිහිපයක් ගෙන ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.
ඒ අනුව, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ, අමුත්තන් සඳහා පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීම නවතා ඇති බවයි සඳහන් වන්නේ.
සියලුම ගුවන් මගීන් සහ ගුවන්තොටුපළ භාවිතා කරන්නන්ගේ පහසුව සඳහා මෙම පියවර ක්‍රියාත්මක කරන බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.
අදාළ නිවේදනය පහතින්.