උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
පසුගියදා මුලතිව්, ශිවනගර් හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් එක් අයකු මරණයට පත්වීම සහ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සඳහන් කළේ.
එහිදී උතුරු-නැගෙනහිර පළාත්වල වෙළෙඳසැල් වසා දමන අතර, පෞද්ගලික අංශයේ බොහෝ ක්‍රියාදාමයන් ද අඩපණ වන බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ.
මුලතිව්, ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයන් පිරිසකට හමුදා නිලධාරීන් විසින් පහර දුන් බවට චෝදනා එල්ල වූ අතර, එම කඳවුරට ඇතුළු වූ තවත් තරුණයකු ප්‍රදේශයේ වැවක මියගොස් සිටියදී සොයා ගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල වී තිබුණා.
කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සිදු කරන අතර, ඒ සම්බන්ධයෙන් හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ.