මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී මරුට

සෙවනගල ප්‍රදේශයේ, හබුරුගල බෝධිරාජ වැවේ දියේ ගිලී එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පවසනවා.

අදාළ පුද්ගලයා තවත් අයකු සමඟ වැවේ මසුන් අල්ලමින් සිටියදී වළකට වැටී, දියේ ගිලී, මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි, මහගම ජනපදය, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.