රුපියල් ලක්ෂ පහකට අධික මත් කරල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 5කට අධික මත් කරල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබෙනවා.
ඒ අනුව, සැකකාරිය සමඟ මත් කරල් 5,000ක් සහ එම ජාවාරමෙන් උපයා ගත් රුපියල් 134,000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් කාන්තාව, 31 හැවිරිදි එම ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය මීට පෙරද හෙරොයින් සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකාරිය ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.