2026 -2029 වර්ෂ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් සකස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී. රත්නායක පවසනවා.
අප කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ මේ දිනවල අදාළ පාර්ශවවලින් යෝජනා ඉල්ලා සිටින බවයි.
දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, ජනමාධ්‍ය ආයතන, රටේ ජනතාව ඇතුළු, විවිධ පිරිස් සහ අදාළ සංවිධානවලින් යෝජනා බලාපොරොත්තුවන බවත් ඒ සඳහා ඊට අදාළ සියළුදෙනාගේ අදහස් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.
මැතිවරණවලට අදාළ නීති ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ වැඩි අවධානයක් මෙහිදී යොමුවන බවත් මැතිවරණ කොමිෂන් සභාවට අමතරව රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, රජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පාර්ශව රැසකද අදහස් ලබාගැනීම මේවනවිට ආරම්භකර ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.