අවන්හලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

දූනගහ – ගොඩිගමුව මාර්ගයේ පිහිටි අවන්හලක ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලත් පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉද්දගොඩැල්ල පදිචිකරුවෙකි.

මියගිය අයගේ බිරිඳට අවන්හලේදී සිදුවූ බව කියන සිද්ධියක් පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදී අවන්හලේ හිමිකරු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම යුවළට පහරදි ඇතැයි මූලික පොලිස් පක්ෂණවලදී හෙළිව ඇත.

පොලිසිය සඳහන් කළේ, තුවාල ලැබූ බිරිඳ දිවුලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පරීක්ෂණ පවත්වන බව දිවුලපිටිය පොලිසිය සදහන් කරයි.