කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ධීවරයන් සඳහා වූ විශ්‍රාම වැටුප් ක්‍රමය ලබන මාසයේ සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කරනවා.
මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ධීවරයන් හඳුනාගැනීම සඳහා දැනටමත් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි එහි සභාපතිවරයා සඳහන් කළේ.
එහිදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය අත්හිටුවන අවස්ථාව වන විට ධීවරයන් 60,000කට පමණ ප්‍රතිලාභ ලැබුණු බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
මෙම යෝජනා ක්‍රමය යටතේ වාර්ෂිකව රුපියල් 2,000ක වාරිකයක් සඳහා හදිසි මරණයක් සිදු වූ විට රුපියල් මිලියන 1.2ක වන්දියක් පිරිනැමීමට නියමිතයි.
ඊට අමතරව, සම්පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්ත්වයන් සඳහා වන්දියක් ගෙවීමට නියමිත අතර, හදිසි අනතුරකින් සිදුවන බරපතල තුවාල සඳහාද වන්දි ගෙවීම් සඳහා ද විධිවිධාන සලසා තිබෙනවා.