හබරණ-ත්‍රිකුණාමලය මාර්ගයේ තලපත් කන්ද වනාන්තර ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා
අප කළ විමසීමකදී හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ අක්කර 80ත් 100ත් අතර ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි.
මේ වනවිට යුද හමුදාව සහ පොලිසිය එක්ව මේ වනවිට ගින්න හටගත් ප්‍රදේශයේ එක් කොටසක් නිවා දමා තිබෙන බවත් ඔහු සඳහන් කළා
එමෙන්ම තලපත් කන්ද දුම්රිය මාර්ගයට ආසන්න ප්‍රදේශයේ තවත් කළු දුමාරයක් නැගෙමින් පවතින අතර එයද පරික්ෂා කරමින් සිටින බවයි ස්ථානාධිපතිවරයා පැවසුවේ.
ගින්නෙන් ජීවත හානි කිසිවක් වාර්තා නොවන බවත් ඔහු පැවසුවා.
යම්කිසි පුද්ගලයෙකු සිදුකළ නොමනා ක්‍රියාවක් නිසා ගින්න හටගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.