ගුවන් සේවිකාවන්ගේ වර්ජනයකින් කැනඩාවේ සියලු ගුවන් ගමන් නවතී

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැනඩා ගුවන් සේවිකාවන් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් එරට සියලු ගුවන් ගමන් අඩාල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන් 700 ක් පමණ අත්හිටුවා ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් එරටට පැමිණි සංචාරකයින් ලක්ෂයකට වැඩි පිරිසක් අසීරු තාවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් විදෙස්ගතව සිටින කැනේඩියානු පුරවැසියන් 25,000කට පමණ යළි සිය රටට පැමිණීමට නොහැකි වී ඇති බවද එම වාර්තාවල වැඩි දුරටත් දැක්වෙනවා.