මෙම මාසයේ ගත වූ දින 13 තුළ සංචාරකයින් 99,406 ක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන් වන අතර එම ප්‍රමාණය 19,572 ක්.
ඉන් අනතුරුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, චීනය සහ ප්‍රංශය යන රටවලින්.
එමෙන්ම මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,467,694 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.