කටුනායක ගුවන්තොටුපළේ ඊයේ (16) රාත්‍රියේ දැඩි තදබදයක් පැවති බවට චෝදනා කරමින් ගුවන් මගීන් බලධාරීන්ට පැමිණිලි කර තිබෙනවා.
පරීක්ෂා කිරීමේ කවුන්ටරයේ මෙන්ම ආගමන විගමන කවුන්ටරයේද මෙම තදබදය සමග දිගු පෝලිම් පැවති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුව මත සමහර මගීන් කියා සිටියේ පැවති තදබදය සමග ප්‍රමාදයක්ද පැවතීමෙන් ඔවුන්ගේ ගුවන් ගමන් පවා මග හැරීමට ඉඩ පැවති බවයි.
සීමිත වේලාවක් තුළදී ගුවන් ගමන් කිහිපයක් සැලසුම් කර තිබීම නිසා ප්‍රමාණය ඉක්මවා මගීන් රැස්වීම හේතුවෙන් මෙසේ පිටත්වීමේ පර්යන්තයේ දැඩි තදබදයක් පැවති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් බොහෝ මගීන් පිරිසක් අපහසුතාවට පත්ව සිටි බවත් ඔවුන් අතර විදේශික සංචාරකයන්ද වූ බව පැවසෙනවා.
මෙවැනි බාධා නැවත සිදු නොවීම සඳහා බලධාරීන් පියවර ගතයුතු බවයි අපහසුතාවට පත් පිරිස් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ ගුවන්තොටුපොල ප්‍රකාශකයෙකු කියා සිටියේ චෝදනාවට අදාළ තදබද තත්ත්වයක් හටගෙන තිබූ බවත් එවැනි සිදුවීමක් නැවත නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.