ඉන්දුනීසියාවේ, සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ.
මෙම භූ කම්පාව කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි සඳහන්.
එමෙන්ම ටොන්ගෝ දූපත ආශ්‍රිතව රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම භූ කම්පනය කිලෝමීටර් 35ක පමණ ගැඹුරක සිදුව තිබෙන අතර ටෙනේගා දකුණු දිග ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි වාර්තා වෙන්නේ.