ගාලු කුමාරි දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක් වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ එම දුම්රිය, ඊයේ (16) පස්වරුවේ පීලි පැනීමට ලක්ව තිබූ අතර, ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයටද දැඩි හානි සිදු වී ඇති අතර, එහි ප්‍රතිසංස්කරණ කටයුතුද මේ වන විට සිදු වෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.