සැන්ටා බාබ්රා නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

අමෙරිකානු නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

අද (16) උදෑසන කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.

මෙලෙස කොළඹ වරායට පැමිණි Littoral Combat වර්ගයට අයත් ‘USS Santa Barbara (LCS32)’ නෞකාව, එක්සත් ජනපද හත්වන (7th Fleet) නෞකා බල ඇනියට අයත් නෞකාවක් වේ.

එය දිගින් මීටර් 127.6කි. 

මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් A. J. OCHS කටයුතු කරනු ලබයි.