රත්තොට, මාරක අනතුරක්

රාජකාරිය සඳහා යතුරු පැදියකින් යමින් සිටි ග්‍රාම නිලධාරිවරයෙකු මාතලේ, කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි රත්තොට පොලිසිය පවසනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ, රත්තොට, කයිකාවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

අද (16) උදෑසන 8.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මාතලේ සිට කුඹල්ඔළුව දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක මෙම යතුරුපැදිය ගැටී තිබෙන බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්තොට පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.