තැපැල් සේවකයින් පිරිසක් අතිකාල වර්ජනයක..

අංශ කිහිපයක තැපැල් සේවකයින් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, සේවකයින්ගේ අතිකාල සහ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, තැපැල් ප්‍රවාහන අංශය, නාරාහේන්පිට තැපැල් කාර්මික අංශය සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් එලෙස අතිකාල සේවාවලින් ඉවත්ව සිටින බව ඔහු සඳහන් කළේ ය.