ට්‍රම්ප් – සෙලෙන්ස්කි හමුව ලබන සඳුදා

ලබන සඳුදා වොෂින්ටනයේදී අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ට්‍රම්ප් සමග පැවති දුරකථන සංවාදයෙන් පසු යුක්‍රේන ජනපති මේබව ප්‍රකාශයට පත්කළ බවයි.

එකඟතාවකින් තොරව අවසන් වූ ට්‍රම්ප් – පුටින් සාකච්ඡාවෙන් දින 03කට පසු මෙම හමුව සූදානම් කිරීම විශේෂත්වයක්.