ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා සම්බන්ධයෙන් ආයතන මට්ටමින් විමර්ශනයක් ආරම්භ කැර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එහිදී අනාවරණය වන තොරතුරු මත ඉදිරි පියවර ගන්නා බවයි.
මිනුවන්ගොඩ පොලීසිය විසින් ඊයේ එලෙස අත් අඩංගුවට ගනු ලැබුවේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ හිටපු ශාඛා සභාපති සහ කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂක නිලධාරියෙකු වන චන්දිම ජයරත්න නැමැත්තා හෙවත් ගැස්මායි.
ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදි චන්දිම ජයරත්න හෙවත් ගැස්මාගේ නිවසක මල්ලක බහා තිබියදී ටි 56 ගිනි අවියක්, එම අවියට භාවිතා කරන මැගසින් එකක්, මිලිමිටර් දෙකයි දශම දෙකේ පිස්තෝලයක්, ටි 56 උණ්ඩ 14 ක්, මීලිමිටර් 9 වර්ගයේ පිස්තෝල සදහා භාවිත කරන උණ්ඩ 06 ක්, මිලීමිටර් දෙකයි දශම දෙකේ උණ්ඩ 09 ක් ,පිස්තෝල හා රිවෝල්වර වර්ගයේ ගිනි අවි ආකෘති 02ක්, කඩු 03 ක් සහ කිනිසි 02 ක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.