වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (15) වැටලීමක් සිදු කර කේරළ ගංජා කිලෝ 309කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 49ක් වන ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් විසින් කුලී පදනම මත ලබා ගත් නිවසක කාමරයක් තුල සඟවා තිබියදීයි මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් අද දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.