ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස කංසා වගාව සඳහා විදෙස් ආයෝජකයින් 7 දෙනෙකුට අවසර ලබාදීම පිලිබඳව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කණගාටුව පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මීට පෙර පැවැති රජයන් ගෙන ආ යෝජනාවලට විරෝධය පළ කර, දැන් ඒවා ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ආරක්ෂක විධිවිධාන යටතේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස කංසා වගාව සඳහා විදෙස් ආයෝජකයින් 7 දෙනෙකුට අවසර ලබාදී ඇති බව පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
මෙම යෝජනාව පෙර රජය ගෙන ඒමට උත්සහ කිරීමේදී වත්මන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ එම යෝජනාව උපහාසයට ලක් කරමින් ඊට විරුද්ධ වුවත් පසුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම කණගාටුදායක බවයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කළේ.
පසුගිය රජයන් සිදුකළ බොහෝ ක්‍රියාවන් විවේචනය කරමින් ඒවා නවතා දමන බව පවසන වත්මන් රජය පෙර රජයන් ගෙන ආ මෙම යෝජනාව ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සැක සහිත හා ගැටලු සහගත බව ද එහි දැක්වෙනවා.