මන්නාරම ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) ආරම්භ වුණා.
ඒ අනුව, එම මංගල්‍යයේ ආශිර්වාද දිව්‍ය පූජාව අද පෙරවරු 6.15 ට ආරම්භ වුනු බවයි සඳහන් වන්නේ.
ලංකාවේ වැඩිම කතෝලික බැතිමතුන් පිරිසක් සහභාගි වන මංගල්‍යයක් වශයෙන් මඩු මංගල්‍යය සැලකෙන අතර, මෙවරත් ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා විශාල පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.