ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අනතුරකින් 06 දෙනෙකුට තුවාල

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා දවුලගල, දෙමෝදර සහ බණ්ඩාරවෙල යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.