හඳුනා නොගත් මත්කරල් 600ක් සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

කළුතර සහ ගල්පාත ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව්දෙනකු හඳුනා නොගත් මත් කරල් 600ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් කළුතර බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ. 

 අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 6,800ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 60ක් ද සොයාගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.