එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාධ්‍ය වැඩසටහන්වලට සහභාගී වන නියෝජිතයන් තමාගේ අනුමැතිය ලබාගත යුතු බවට පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාල දැනුම් දෙයි.
රූපවාහිනි, ගුවන්විදුලි හා සමාජ මාධ්‍ය වැඩසටහන්වලට සහභාගි වන මන්ත්‍රීවරුන් හෝ පක්ෂ නියෝජිතයන් තමා නම් කරන බව ද මහලේකම්වය පවසයි.
මාධ්‍ය ආයතන ඊට පරිබාහිරව කිසියම් පුද්ගලයෙකු සම්බන්ධ කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂය කිසිදු වගකීමකට නොබැඳෙන බවද තලතා අතුකෝරල අවධාරණය කරයි.
මාධ්‍ය වැඩසටහන්වලට නියෝජිතයන් සහභාගී කර ගැනීමේදී එජාප කළමනාකරණ ලේකම් ප්‍රසන්න ශමල් සෙනරත් යාපා සම්බන්ධ කර ගන්නා ලෙස ද මහලේකම්වරිය වැඩිදුරටත් දැනුම් දෙයි.