විනිවිදභාවය සහතික කිරීමට කැපවී සිටින වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු බියකින් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් ජපන් ආයෝජකයන්ට ආරාධනා කර තිබෙනවා.
මෙරට ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව සංවිධානය කළ ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබඳ සමාරම්භක සැසියට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ආයෝජන ආරක්ෂණය සහතික කිරීම වෙනුවෙන් නීති කෙටුම්පත් රැසක් බලාත්මක කර ඇති බවද, පුරෝකථනය කිරීමේ හැකියාව ඉහළ නැංවීමට සෑම පියවරක්ම ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ආයෝජකයන්ට පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන බවත්, ජපන් ආයෝජකයන්ට සහ ව්‍යාපාරික නායකයන්ට බියකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන සිදු කරන ලෙස ආරාධනා කරන බවයි ආචාර්ය අනිල් ජයන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.