අනුරාධපුර ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල දේවාලයක නිධන් හාරමින් සිටියදී, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ ඇතුළු 08 දෙනකු පසුගියදා අත්අඩංගුවට පත්වුණා.
අත්අඩංගුවට ගත් එම පිරිස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, තම නිවසට ආරක්ෂාවක් කර ගැනීම සඳහා මෙම ස්ථානයට පැමිණි බවට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.