දුම්රිය ආසන වෙන් කළ පසු ලැබෙන ප්‍රවේශපත්‍රයේ දත්ත වෙනස් කර ගමන් කිරීමට සමහර පිරිස් උත්සාහ කරන බව ඇල්ල දුම්රිය ස්ථානාධිපති දුෂාන් රංගන පවසනවා.
සමහර පිරිස් ප්‍රවේශපත්‍රය ලබාගත් පසු ලැබෙන PDF ගොනුවේ ඇති ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය කූට ලෙස වෙනස් කරන බවත්, එලෙස වෙනස් කර ගමන් කිරීමට උත්සාහ කළ කිහිප දෙනකු හඳුනාගත් බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
මෙලෙස දත්ත වෙනස් කර පැමිණ හසුවන පුද්ගලයන්ට කූට ලේඛන සැකසීමේ වරද යටතේ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවද ඇල්ල දුම්රිය ස්ථානාධිපති දුෂාන් රංගන වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ජාවාරම් සහ හොරකම්වලට පුරුදු වූ පසු, වංචනිකයන් විසින් අලුත් අලුත් ක්‍රම සොයා ගන්නා බවත්, කුමන ආකාරයෙන් පැමිණිය ද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මෙහිදී අදහස් දැක්වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.