මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයකු ඊයේ (14) රාත්‍රියේ මිය ගොස් තිබෙනවා.
ඒ අනුව, කළුතර උතුර පොලිස් වසමේ, කොළඹ – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ සැතපුම් 23 කණුව අසලදී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.