2025 අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව, අද (15) දිනයේදී අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට අද සිට තමන්ට හිමි මුදල, තම බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
රුපියල් 11,275,973,750.00 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,421,745කගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවද මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.