රෝහල්ගතව සිට හදිසියේ අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු ලබන ඉරිදා (17) සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළා.
මහනුවර, නිත්තවෙල පවුලේ සුසාන භූමියේදී එදින පස්වරු 05.00ට අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.
එමෙන්ම, ඔහුගේ දේහය අද සවස සිට මහයියාවේ පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කරන බවත් ඥාතීන් සඳහන් කළා.
57 හැවිරිදි වියේ පසු වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කලක් අක්මාවේ තදබල රෝගී තත්ත්වයකින් පෙළුණු අතර, අනතුරුව නිව්මෝනියාව රෝගය වැළඳී එය උත්සන්න වීමෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.