ත්‍රිකුණාමලය මුත්තුනගර් ප්‍රදේශයේ පවතින ඉඩම් ගැටලුවට විසඳුම් ඉල්ලා, ප්‍රදේශවාසීන් සහ ජන අරගල ව්‍යාපාරයේ පිරිසක් අද (14) ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වී තිබෙනවා.
ඒ අනුව, තම පාරම්පරික ඉඩම් සමාගමකට පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි විරෝධතාවට එක් වූවන් සඳහන් කළේ.
මෙම විරෝධතාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ගය අවහිර වී තිබූ අතර, පසුව විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනීම හේතුවෙන් පොලිස් කැරළි මර්ධන ඒකකය ද කැඳවා තිබුණා.
පසුව, විරෝධතාකරුවන් අතරින් පුද්ගලයන් පස් දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සාකච්ඡාවක් පැවැත්වීමට අවසර ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.