සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා විදේශගත වීම හේතුවෙන්, එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගත් නීතිඥ රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අතර, මෙය මඟින් ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණයට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීමට විධිවිධාන සැලැස්වීම සිදු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.