කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් සහිත කණුවක ගැටී අද (14) උදෑසන අනතුරක් සිදු වී තිබෙයි.
මෙම අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු සහ පසුපස ගමන් ගත් අයෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව නානුඔය පොලිසිය පවසයි.
මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බංගලාහත ප්‍රදේශයේදීය.
නානුඔය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්තවය සහ දැඩි මීදුම් තත්වය හමුවේ ධාවනය වෙමින් තිබූ කැබ් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැනි සහිත කණුවේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නානුඔය පොලිසියේ රථාවාහන අංශයේ නිළධාරින් සැක කරයි.
නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් මෙසේ අනතුරට පත් වී ඇත.
අනතුරින් කැබ් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.
පවතින දැඩි අයහපත් කාළගුණය සහ මීදුම් ත්තවය හමුවේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස නානුඔය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.