ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු වන අලුත්වැඩියා කටයුතු අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මේ වන විට ආරම්භ කර තිබෙනවා.
වසර 42කට අධික කාලයකට පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙම අලුත්වැඩියා කටයුතු සිදුවන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof Terrace) මත තිබෙන පස් තට්ටුව ඉවත් කර අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතිනවා.
එසේම, වැහි පිහිලි (Roof Gutters), තඹ දොර (Copper Door), පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය (Parliament Medical Center), වැසිකිළි පද්ධතිය (Washrooms) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගාරය (Members Dressing Room) අලුත්වැඩියා කිරීමේ කටයුතුද සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙම මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබනවා.