විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් තවත් විශේෂ සාකච්ඡාවක් අද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේ පැවැත්වීමට නියමිතයි.
පසුගිය 06 වනදා ද නාරාහේන්පිට – කිරුළපාරේ පිහිටි ඔහුගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණේ විපක්ෂයේ දේශපාලන පක්ෂ 12ක පමණ නායකයින් සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.
එහිදී ආණ්ඩුවේ ක්‍රියා කලාපය, වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය මෙන්ම අමෙරිකානු තීරු බදු මත උද්ගතවිය හැකි තත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණා.
එම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, දයාසිරි ජයසේකර, රිෂාඩ් බදියුදීන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ, ලසන්ත අලගියවන්න, මයන්ත දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, පාඨලී චම්පික රණවක සහ ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ද එක්ව සිටිය