ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වැවකින් T56 පතොරම් 5,038ක් සොයාගනී

ගලෙන්බිඳුණුවැව ගැටලාව ප්‍රදේශයේ වැවකින් T56 පතොරම් 5,038ක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙම වැව වෙත දර කැඩීම සඳහා පැමිණි පුද්ගලයෙකු වැවට බැස ඇති අතර, එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක තිබෙනවා.
මේ පිළිබඳව එම පුද්ගලයා විසින් 118 හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව පොලිස් නිළධාරින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී වැවෙහි එක් ස්ථානයක ජලයේ තිබී T56 වර්ගයේ ජීව පතොරම් 5,038 මෙසේ සොයාගෙන තිබුණා.

සොයාගත් උණ්ඩ තොගය මේ වන විට පොලිස් භාරයේ තිබෙන අතර, එම ප්‍රදේශයෙන්ම තවත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ.