කෝටි 09කට විද්ද අනුරපුරේ බැංකුවක කලමනාකරුවෙක් සී.අයි.ඩී. දැලේ

වාණිජ බැංකුවක අනුරාධපුර ශාඛාවේ සහකාර මහජන සම්බන්ධතා කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බැංකු ශාඛාවේ ගිණුම් හිමියකුගේ ගිණුම්වල තිබුණු රුපියල් කෝටි 09ක මුදලක් එම ගිණුම් හිමියාගේ අත්සන වෙනස්කර කූඨ ලේඛන සකස්කර ලබාගැනීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් බැංකුවේ තවත් කිහිප දෙනෙක් ද මෙම වංචාවට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.