මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි, ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමැති වන අලියා මිය ගොස් තිබෙනවා.
වයස අවුරුදු 25 – 30 අතර වයසක පසු වූ මෙම වන අලියා, දකුණු පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියා.
මාස ගණනාවක් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ මෙම වන අලියා අවසානයේ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.